ජනපතිතුමනි වරායට කරන දේ ජාතිය අමතා කියන්න

President
By Thaya Jan 31, 2021 06:01 PM GMT
Report

කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය සම්බන්ධයෙන් රජයේ ස්ථාවරය කුමක්දැයි ජාතිය අමතා ප්‍රකාශ කරන්නැයි බොදු බළ සේනා සංවිධානය ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කරනවා.

සංවිධානයේ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් කොළඹ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් කියා සිටියේ රජයේ අමාත්‍යවරු වරින් වර කොළඹ වරාය සම්බන්ධයෙන් පරස්පර මත ප්‍රකාශ කරන බවයි.