කොරෝනා එන්නත ලංකාවට ලැබෙන දිනය ජනපති කියයි.

Gotabhaya Rajapaksa
By Thaya Jan 23, 2021 07:25 PM GMT
Thaya

Thaya

Report

ඉන්දියාවේ නිෂ්පාදනය කරනු ලබන ඔක්ස්ෆර්ඩ් – ඇස්ට්‍රාසෙන්කා කොවිඩ් -19 එන්නත් ලක්ෂ 06ක් ලබන බඳාදා දිනය වන විට මෙරට රැගෙන ඒමට අවශ්‍ය පියවර ගෙන ඇති බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රකාශ කර සිටිනවා.

කළුතර දිස්ත්‍රික්කයේ පිහිටි යට්ටපාන ප්‍රදේශයේ දී අද පැවැත්වෙන “ගම සමග පිළිසඳරක්” වැඩසටහන සමග එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළ බවයි ජනාධිපති මාධ්‍ය අංශය ප්‍රකාශ කළේ.