වත්මන් ආණ්ඩුවද රණවිරු දඩයමේ... අජිත් ප්‍රසන්න
Government
By Thaya
වත්මන් ආණ්ඩුවද රණවිරු දැඩයමක් සිදුකරන බවත් ඊට හොඳම උදාහරණය තමන් සිරගතව සිටීම බවත් විශ්‍රාමික මේජර් නීතිඥ අජිත් ප්‍රසන්න මහතා සඳහන් කරයි.
රණවිරු දඩයමට එරෙහිව යාන්ත‍්‍රණයක් සැකසීමට වත්මන් ආණ්ඩුවටද නොහැකි වූ බව ඔහු කියා සිටියි.
තමන් සිරගත කිරීම සැලසුම් කලේ නීතිපති දෙපාර්තමේන්තුව සහ රහස් පොලිසිය බවද ඔහු පෙන්වා දෙයි.ඒ මහතා මේ බව කියා සිටියේ මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම මහතා සමග අන්තර්ජාල නාලිකාවක පැවති සාකච්ඡාවකදීය.
රාජපක්ෂලා විසින් තමන්ව කොටු කළා කියන යැයි කීම වැරදි බවත් පවසන ඔහු තමන් අගමැති මහින්ද රාජපක්ෂ මහතා සමග ඉතා හිතවත් බවත් තමන් සමග නිවසේ දී යට ඇඳුම පිටින් පවා කතා කර ඇති බවත් ඔහු තවදුරටත් කියා සිටියේය.