තවත් ප්‍රදේශයකට සංචරණ සීමා පැනවීමේ සූදානමක්
Travel
Restrictions
By Thaya
මහනුවර පුජාපිටිය කොස්කොටේ ජනපදය සඳහා සංචරණ සීමා පැනවීම සම්බන්ධයෙන් ප්‍රදේශයේ සෞඛ්‍ය බලධාරින්ගේ අවධානය යොමුවී තිබේ.
එම ගම්මානයෙන් කොවිඩ් -19 ආසාදිතයින් 31 දෙනෙකු හඳුනාගැනීමත් සමග මෙම පියවර ගැනීමට සිදුවී ඇති බව වාර්තා වේ.
කොස්කොටේ ජනපදයේ පුද්ගලයින් 85 දෙනෙකු PCR පරීක්ෂණ සඳහා යොමු කිරීමේ දී ඉන් 31 දෙනෙකු වෛරසය ආසාදනය වී ඇති බවට හඳුනාගෙන තිබුණි.
අදාළ ප්‍රදේශයේ පවුල් 35ක් පදිංචිව සිටින අතර ඔවුන් කොහු, ඉදල් හා මෙට්ට කර්මාන්තයේ නිරත වෙමින් විවිධ ප්‍රදේශවල සංචාරය කරන පුද්ගලයින් බව ප්‍රදේශයේ සෞඛ්‍ය බලධාරීන් පවසයි.