අක්කර 900ක මැණික් නිධියක් ගොඩගැනීමේ සූදානමක්...

Ratnapura
By Thaya Mar 16, 2021 06:12 PM GMT
Thaya

Thaya

Report

බඩල්කුඹුර ප්‍රදේශයේ අක්කර නවසීයක (900) මැණික් නිධිය ගොඩගැනීමේ කටයුතු ඉදිරි සතිය ඇතුළත ආරම්භ කරන බව මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ සභාපති තිලක් වීරසිංහ ප්‍රකාශ කර තිබෙනවා.

කුඹුක්කන් ඔය වාරි ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා හඳුනාගෙන ඇති බඩල්කුඹුර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් භූමි ප්‍රදේශයේ මෙම මැණික් ඉල්ලම පිහිටා ඇති බව හෙතෙම සඳහන් කළේය.

අක්කර නවසීයක පමණ වූ මෙම භූමියෙන් අක්කර 500ක් පමණ රජයට අයත් ඉඩම්ය. ඉතිරි අක්කර 400ක පමණ ප්‍රදේශය බලපත්‍රලාභී ඉඩම් බව සභාපතිවරයා කියයි. එම බලපත්‍රලාභී ඉඩම් භුක්ති විඳින පුද්ගලයන්ටද මැණික් ගැරීම සඳහා අවශ්‍ය බලපත්‍ර ලබාදීමට කටයුතු කරන බව සභාපතිවරයා ප්‍රකාශ කළේය.