අධි අවදානම් ගර්භණී කාන්තාවන්ට අනුමත වූ කොවිඩ් එන්නත මෙන්න..

Sri Lanka PHI Pregnant women Covid vaccines
By Aruna Jun 03, 2021 02:07 AM GMT
Aruna

Aruna

Report

මෙරට අධි අවදානම් සහිත ගර්භණී කාන්තාවන්ට කොවිඩ් මර්දන එන්නත ලබාදීම සඳහා අනුමැතිය ලැබී තිබෙනවා. ඒ අනුව, ඔවුන්ට “සයිනොෆාම්” එන්නත ලඛාදීමට නියමිතයි.

බෝවන රෝග පිළිබඳ උපදේශක කමිටුව විසින් එම තීරණය ගත් බවයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ පවුල් සෞඛ්‍ය කාර්යාංශයේ විශේෂඥ වෛද්‍ය චිත්‍රමාලි ද සිල්වා මහත්මිය පැවසුවේ.

මේ අතර සංචරණ සීමා දැඩිව ක්‍රියාත්මක කරමින් තිබුණ ද ඇතැම් ආයතන ලාභ ලබාගැනීමේ අරමුණින් එම සීමා නොතකමින් ඉතා කණගාටුදායක ලෙස කටයුතු කරන තත්ත්වයක් උද්ගතව ඇතැයි ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය සඳහන් කරයි.

මෙම තත්වය ඉදිරි දිනවල පැවතුණහොත් රට විවෘත කිරීමට නොහැකි වනු ඇතැයි ද සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා සඳහන් කළේය.

එම තත්ත්වයට මහජනතාව මෙන්ම රාජ්‍ය සහ පෞද්ගලික ආයතන ප්‍රධානීන් වගකිව යුතු බවද ඇතැම් පුද්ගලික ආයතන ප්‍රධානීන් කිසිසේත්ම අත්‍යවශ්‍ය සේවා නොවන සේවකයන් කැඳවමින් ඔවුන්ගේ ලාභ ලබා ගැනීමට කටයුතු කරමින් සිටින බව ද පෙනී යන බව ඔහු පැවසීය.

මෙම තත්වය ඉදිරියටද පැවතුනහොත් රට විවෘත කිරීම ඉදිරියට දින කීපයේදී සිදු කිරීමට නොහැකි වනු ඇති බවටද ඔහු අනතුරු ඇඟවීය.

මේ ආකාරයේ හැසිරීම් හේතුවෙන් අනෙකුත් මහජනතාවද ඉතා භයානක තත්වයකට තල්ලු වෙමින් යන බවක් පෙනෙන්නට ඇති බවද පැවසූ ඔහු එනිසා ආයතන පවත්වාගෙන යාමට අවශ්‍ය අවම කාර්යමණ්ඩලය කැඳවන ලෙස ද ඉල්ලා සිටියේ ය.

මේ ආකාරයෙන්ම කටයුතු කළහොත් ආසාදිතයන් කිසිසේත්ම අඩු නොවනු ඇති බවත් මරණ සංඛ්‍යාවද දෛනිකව ඉහළ යනු ඇති බවත් ඔහු තවදුරටත් පැවසීය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now