මෙරටදී පළමු වරට කොවිඩ් ආසාදිතවී ගර්භණි කාන්තාවක් මියයයි

ragama pregnant batuwaththa first death
By Sewvandhi May 05, 2021 11:34 AM GMT
Sewvandhi

Sewvandhi

Report

 මෙරට පළමු කොවිඩ් ආසාදිත ගර්භණි කාන්තා මරණය වාර්තා වී තිබෙනවා. මෙලෙස මියගොස් ඇත්තේ කොවිඩ් වෛරසය ආසාදනය වී සිටි රාගම, බටුවත්ත ප්‍රදේශයේ පදිංචි 45 හැවිරිදි ගර්භණි කාන්තාවක් බවයි සෞඛ්‍ය අංශ සඳහන් කරන්නේ.

අද අලුයම මෙම මරණය වාර්තා වූ බවයි ප්‍රදේශයේ සෞඛ්‍ය බලධාරීන් සඳහන් කරන්නේ.

මේ අතර ගතවූ පැය 24 ක කාලය තුලදී තවත් කොවිඩ් ආසාදිත මරණ 11ක් වාර්තා වී තිබෙනවා. ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාව 720ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි වසංගත රෝග විද්‍යා අංශයේ දත්ත පෙන්නුම් කරන්නේ.

 සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 

Join Now