නැවත රටේ බලය අල්ලන්න උත්සහ කරන ප්‍රබල කපටි දේශපාලනඥයන් !!!!!

Politics
By Thaya Mar 03, 2021 05:12 PM GMT
Thaya

Thaya

Report

අමෙරිකානු හිටපු ජනාධිපති ඩොනල්ඞ් ට‍්‍රම්ප් 2024 වසරේදී යළි ජනාධිපති ධූරයට තරග වැදීමේ සූදානමින් පසුවන බවට ඉඟී පල වී තිබෙනවා. ඒ, ඔහු ජනාධිපතිවරණයෙන් පසු පළමු වරට ජනතාව හමුවේ පෙනී සිටිමින් කල ප‍්‍රකාශ හමුවේයි. කෙසේ වෙතත් ඩොනල්ඞ් ට‍්‍රම්ප් විසින් නව දේශපාලන පක්ෂයක් ආරම්භ කරනු ඇති බවට පල වූ වාර්තා ප‍්‍රතික්ෂේප කරමින් ඔහු එහිදී පවසා ඇත්තේ නව දේශපාලන පක්ෂයක් ආරම්භ කිරීමට තමාට කිසිදු සැලසුමක් නොමැති බවයි. ෆ්ලොරිඩාවේ පැවති කොන්සර්වේටිව් පක්ෂයේ මෙම සමුළුව ඩිමොක‍්‍රටික් ජාතික ජෝ බිඩෙන් ජනාධිපති වීමෙන් පසු ඩොනල්ඞ් ට‍්‍රම්ප් සහභාගී වූ පළමු දේශපාලනික හමුව වනවා.

කෙසේ වෙතත් එහිදී සිය අනුප‍්‍රාප්තිකයින් අමතමින් ට‍්‍රම්ප් විසින් වත්මන් පාලනය දැඩි ලෙස විවේචනය කර ඇත්තේ අමෙරිකාව ආපස්සට ගමන් කර ඇති බවයි. මීට වසර හතරකට පෙර ආරම්භ කළ ඇදහිය නොහැකි ගමන බොහෝ දුරට අවසන් බව ප‍්‍රකාශ කිරීමට තමන් පාක්ෂිකයින් ඉදිරියේ මෙලෙස පෙනී සිටි බවද ට‍්‍රම්ප් ප‍්‍රකාශ කර තිබෙනවා. 4 හැවිරිදි හිටපු ජනාධිපතිවරයා නොවැම්බරයේ පැවති ජනාධිපතිවරණයෙන් පරාජයට පත්වී ජනවාරියේ පැවති කැරළි කෝලහල හේතුවෙන් දැඩි විවේචනයට ලක්වුවද, ට‍්‍රම්ප් සිය ඡන්ද පදනම අතර තවදුරටත් අතිශයින් ජනප‍්‍රිය බවයි විදෙස් මාධ්‍ය වාර්තා කලේ. මේ අතර ශ්‍රී ලංකාවේ හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාද මෙරට පැවැත්වෙන මීළඟ ජනාධිපතිවරණයේදී ජනාධිපති ධුරය සඳහා තරග වදින බවට පසුගියදා වාර්තා වුනා.