ප්‍රධාන විදුලි බිඳවැටීම් ගැන දැනුවත්කිරීමක්

Report

ආපදා තත්ත්වය හමුවේ දැඩි ලෙස හානියට පත්වූ ප්‍රධාන විදුලි බිඳවැටීම් වන රන්ටැඹේ, මහියංගනය, උකුවෙල, බෝවතැන්න, උකුවෙල , හබරණ සම්පේෂණ පද්ධති වෙනුවට තාවකාලික කුළුණු ඉදිකර මෙම මස 10 වන දින වනවිට එම ප්‍රදේශවල ජනතාවට විදුලිය ලබාදිම සිදුකරන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි පැවසුවා.

ඒ ඊයේ දින (03) පාර්ලිමේන්තුවේදීයි.

එසේම විදුලිබල පද්ධතියේ ප්‍රධාන සම්ප්‍රේෂණ ගණනාවකට දැඩි හානි සිදුවීම නිසා අම්පාර, මහියංගනය, වව්නතිව් ප්‍රදේශ ඇතුළු තවත් ප්‍රදේශ ගණනාවක ජනතාවට විදුලිය මුළුමනින්ම ඇණහිටි බවත් ඇමතිවරයා සඳහන් කළා.

ඒ අනුව අමාත්‍යවරයා සඳහන් කළේ තාවකාලික කුළුණු හා විකල්ප ක්‍රමවේද භාවිත කරමින් දවසේ පැය කිහිපයක් හෝ එම ප්‍රදේශවල ජනතාවට මේ මස 10 වන දින වනවිට විදුලිය ලබාදීම සිදුකරන බවයි.

සන්නිවේදන සබදතා බිඳ වැටීමේ අවදානම සම්බන්ධයෙන් විශේෂ නිවේදනයක්

සන්නිවේදන සබදතා බිඳ වැටීමේ අවදානම සම්බන්ධයෙන් විශේෂ නිවේදනයක්

තවද ආපදා තත්ත්වය හමුවේ මේ දක්වා විදුලිය බිදවැටීම් එක්ලක්ෂ තිස් දෙදහසකට අධික සංඛ්‍යාවක් සිදුව ඇති බවට වාර්තා වූ බවත් එයින් විදුලි සබඳතා 62448 ක් මේ වනවිට යථා තත්ත්වයට පත්කර ඇති බවත් ඔහු පෙන්වා දෙයි.

ආපදා තත්ත්වය හමුවේ ඇති විදුලි බිද වැටීම් සම්බන්ධයෙන් පාර්ලිමේන්තුව දැනුම්වත් කරමින් අමාත්‍ය කුමාර ජයකොඩි මේ බව සඳහන් කළා.

මේ රජයේ සේවකයන්ට 7000ක දීමනාවක්

මේ රජයේ සේවකයන්ට 7000ක දීමනාවක්

ජල මට්ටම ඉහළට - මේ අයට අනතුරු ඇඟවීමක්

ජල මට්ටම ඉහළට - මේ අයට අනතුරු ඇඟවීමක්