ජනවාරි 11 නැවත පාසල් විවෘත කිරීම කල්යයි?..අධ්‍යාපන ඇමති කියයි.

schools postponement reopening
By Thaya Jan 02, 2021 06:39 PM GMT
Report

පවතින තත්ත්වය තුළ බස්නාහිර පළාතේ පාසල් ජනවාරි මස 11 වනදා විවෘත කිරීමේ හැකියාවක් නොමැති බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා පවසනවා.

අමාත්‍යවරයා පෙන්වාදෙන්නේ ජනවාරි මස 11 වනදා ආරම්භ කෙරෙන පාසල් සඳහා සෞඛ්‍යාරක්ෂිත වැඩපිළිවෙලක් සකස්කිරීම සම්බන්ධයෙන් අද (31) දිනයේදී පාර්ශව කිහිපයක් සමඟ සාකච්ඡා පැවැත්වෙන බවයි.

ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ ප්‍රදේශයේ පාසලක නිරීක්ෂණ චාරිකාවකට එක්වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් මහාචාර්ය ජී. එල්. පීරිස් අමාත්‍යවරයා එම අදහස් පල කළා.