පොලිසිය විසින් සිදුකරන නින්දිත පහදිමකදී ජීවිතාරක්ෂාව වෙනුවෙන් ප්‍රතිප්‍රහාර එල්ල කිරීමට පුළුවන්... - අජිත් රෝහණ

Police Ajith Rohana
By Thaya Mar 30, 2021 06:52 PM GMT
Thaya

Thaya

Report

පොලිස් නිලධාරියෙකු විසින් පොදු ස්ථානයක දී පුද්ගලයෙකුට අමානුෂික ලෙස පහරදීමේ සිද්ධිය ශ්‍රී ලංකා පොලිසියේ තරහෙ හෙළ දකින බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ මහතා පවසනවා.

කුමන වරද සිදුකර තිබුන ද ඒ සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කිරීමක් හැර මෙලෙස අමානුෂික ලෙස පහර දීමට පොලිසියට අවසරයක් නොමැති බවයි ඔහු කියා සිටියේ.

එම නිසා එම නිලධාරියා සම්බන්ධයෙන් නීතිය දැඩි ලෙස ක්‍රියාත්මක කරන බවද නීතිඥ අජිත් රෝහණ මහතා වැඩිදුරටත් කියා සිටියා.

මේ අතර ස්වර්ණවාහිනී නාලිකාවේ පත්තරේ වැඩසටහන වෙත අදහස් දක්වමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ මහතා කියා සිටියේ මෙවැනි නින්දිත පහර දීමකදී තමන්ගේ ජිවිත ආරක්ෂාව වෙනුවෙන් ප්‍රතිප්‍රහාර එල්ල කිරීමේ නීතියේ ප්‍රතිපාදන ඕනෑම පුද්ගලයෙකුට ඇති බවයි.