වරාය නගර පනත ගැන විවාදය අද
parliment
port city
mahindha rajapaksha
mahindha yaapa
By Sewvandhi
කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභා පනත් කෙටුම්පත සම්බන්ධයෙන් වන පාර්ලිමේන්තු විවාදය අද (19) ආරම්භ වීමට නියමිතය. ඒ අනුව අද සහ හෙට (20) යන දෙදින තුළ විවාදය පැවැත් වේ.
විවාදය අවසානයේ ඡන්ද විමසීම හෙට පස්වරුවේ පැවැත්වීමට සැලසුම් කර තිබේ. විවාදය ආරම්භ කරමින් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද දිනයේ ප්‍රථමයෙන්ම සභාව ඇමතීමට නියමිත බව සභානායක අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පැවසීය.
මේ අතර එම කෙටුම්පත සම්බන්ධයෙන් වන ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා විසින් ඊයේ (18) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය.
ඒ අනුව ඊයේ පස්වරුවේ විශේෂ අමාත්‍ය මණ්ඩල රැස්වීමක්ද පැවති අතර එහිදී අදාළ පනතට සංශෝධන සහිතව අමාත්‍යම මණ්ඩලයේ අනුමැතිය හිමිවිය.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |