තවත් කොවිඩ් පොකුරක් ප්‍රධාන පොලිස් ස්ථානයක් වසා දැමේ

sri lanka Covid 19 nuwara eliya Nuwara eliya police helth ministry
By Sithumi May 09, 2021 11:55 AM GMT
Sithumi

Sithumi

Report

නුවරඑලිය පොලිසියේ රථ වාහන අංශයේ තවත් නිලධාරින් පස් දෙනෙකුට සහ නුවරඑලිය පොලිස් කොට්ඨාශයේ ස්ථාන පරික්ෂක නිලධාරියෙකුට කොවිඩ් 19 වෛරසය අසාදනය වි ඇති බවට තහවුරු වි ඇති බව නුවරඑලිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය පවසයි

. නුවරඑලිය පොලිසියේ කාන්තා උප පොලිස් පරික්ෂකවරියෙකුට සහ පොලිස් රථ වාහන අංශයේ සිව් දෙනෙකුට මිට ප්‍රථම කොවිඩ් 19 වෛරසය අසාදනය වි තිබු අතර , එම අසාදිතයන්ගේ ආශ්‍රිතයන් ස්වයං නිරෝධානයට යොමු කර පසුව සිදු කරන ලද පි.සි.ආර් පරික්ෂණ වාර්තා අනුව නව අසාදිතයන් හය දෙනා හමු වි ඇත. නව අසාදිතයන් හය දෙනා නිරෝධායන මධ්‍යස්ථානයක් කරා යොමු කල බවත්, නව අසාදිතයන් හය දෙනාගේ ළගම ආශ්‍රිතයන්ද ස්වයං නිරෝධානයට යොමු කිරිමට පියවර ගන්නා බවයි නුවරඑලිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයේ මහජන සෞඛ්‍ය පරික්ෂකවරයා කියා සිටියේ.

පවත්නා තත්ත්වය මත නුවරඑලිය පොලිසියේ රථ වාහන අංශයේ රාජකාරි සදහා නුවරඑලිය පොලිස් බල ප්‍රදේශයේ පොලිස් ස්ථානවලින් පොලිස් නිලධාරින් නුවරඑලිය පොලිසියට තාවකාලිකව අනුයුක්ත කර රථ වාහන අංශයේ රාජකාරි සිදු කරන බවයි නුවරඑලිය පොලිසියේ උසස් නිලධාරියෙකු කියා සිටියේ.

සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....  

Join now