ප්‍රධාන නගරයකදී පොලිසියට පියෙන් අණී..බරපතල තුවාල ලබා සැරයන්වරයෙකු රෝහලේ.

Police
By Thaya Jan 02, 2021 06:24 AM GMT
Report

මහව නගරයේදී රාත්‍රී මුර සංචාරයේ යෙදී සිටි පොලිස් සැරයන්වරයෙකුට පිහියෙන් ඇණිම හේතුවෙන් බරපතල තුවාල ලබා නිකවැරටිය රෝහලට ඇතුලත් කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කර සිටිනවා.

මේ වන විට එම පොලිස් නිලධාරියා ශල්‍යකර්මයකට භාජනය කොට ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ.

ඊයේ රාත්‍රියේදී මහව නගරයේ මුර සංචාරයේ යෙදි සිටියදී සැකකටයුතු ලෙස නගරයේ ගැවසුණු පුද්ගලයින් සිව්දෙනෙකු පරික්ෂා කිරීමට යාමේදී මෙලෙස එම කණ්ඩායමේ සිටි එක් පුද්ගලයෙකු පොලිස් සැරයන්වරයාට පිහියෙන් ඇන ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කලේ.

සිද්ධිය සම්බන්ධයෙන් මේ වන විට සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවත් ඒ අතර පොලිස් නිලධාරියාට පිහියෙන් අනිණු ලැබූ සැකකරුද වන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ සඳහන් කළේ.

මේ වන විට අනෙක් සැකකරුවන් දෙදෙනා සොයා මහව පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබන බවද නියෝජ්‍ය පොලිස්පතිවරයා සඳහන් කර සිටියා.