මහ මග පුද්ගලයෙකුට පහර දුන් පොලිස් නිලධාරියාගේ වැඩ තහනම් කෙරේ

Police
By Thaya Mar 30, 2021 06:48 PM GMT
Thaya

Thaya

Report

පන්නිපිටිය ප්‍රදේශයේ දී මාර්ගයක පුද්ගලයෙකුට පහර දුන් පොලිස් නිලධාරියාගේ වැඩ තහනම් කර තිබේ. පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේ පොලිස් දෙපාර්තමේන්තුව එම පහර දීම කිසිසෙත් අනුමත නොකරන බවය. පන්නිපිටිය ප්‍රදේශයේ මාර්ගයක රාජකාරියේ නියුතු පොලිස් නිලධාරියකු පුද්ගලයකුට අමානුෂික ලෙස පහර දෙන ආකාරය දැක්වෙන වීඩියෝවක් අද සමාජ ජාල ඔස්සේ මහත් කැලඹීමක් ඇති කළේය. අදාළ නිලධාරියා මහරගම පොලිසියට අනුයුක්තව සේවය කරන පුද්ගලයෙකි.

පන්නිපිටියේ මාර්ගයක රථවාහන රාජකාරියේ නියුතු පොලිස් නිලධාරියකු බිම ඇදවැටුණු පුද්ගලයකු මත නැගී ඔහුට පහර දෙන ආකාරය දැක්වෙන එම වීඩියෝව අද පස්වරුවේ සිට සමාජ ජාලා ඔස්සේ සංසරණය වුණි. වීඩියෝව සංසරණය වීමත් සමඟ අදාළ නිලධාරියා සොයා පොලිසිය වහාම විමර්ශනයක් සිදුකළ අතර ඒ අනුව එම නිලධාරියා මහරගම පොලිසියට අනියුක්තව සේවය කරන කොස්තාපල්වරයකු බවට හඳුනා ගෙන තිබේ. පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේ එම පොලිසියේ ඉහළ නිලධාරියකුගේ රථය අනතුරට ලක් කළ ලොරි රථ රියදුරකුට එම පොලිස් නිලධාරියා මෙලෙස පහරදීම සිදු කර ඇති බවය.