පොලීසියෙන් විශේෂ නිවේදනයක්..!
පසුගිය 9 වනදා දිවයින පුරා ඇතිවූ ප්‍රචණ්ඩ ක්‍රියා හේතුවෙන් සිදුවූ නිවාස සහ හා දේපළ හානි සම්බන්ධයෙන් පොලීසිය විශේෂ නිවේදනයක් නිකුත් කර තිබේ.
පැවති අර්බුදකාරී තත්ත්වය හමුවේ නිවෙස් හා ව්‍යාපාරික ස්ථාන කොල්ලකා දේපළ සොරකම් කළ පුද්ගලයින්ගේ තොරතුරු ලබාදෙන්නැයි අදාළ නිවේදනයෙන් පොලීසිය ඉල්ලයි. පොලීසිය පෙන්වා දෙන්නේ ඔවුන්ට එරෙහිව නීති මගින් කටයුතු කළ යුතුව ඇති බවය.
තොරතුරු ලබාදීම සඳහා පොලීසිය මගින් 1997 සහ 119 ක්ෂණික ඇමතුම් අංක දෙක හඳුන්වා දී තිබේ.
එසේ තොරතුරු ලබාදෙන පුද්ගලයින්ගේ රහසත්‍යභාවය ආරක්ෂා කරන බවද පොලීසිය පවසයි. එම සිදුවීම් සම්බන්ධයෙන් ඡායාරූප සහ වීඩියෝ දර්ශන සමාජ මාධ්‍ය හරහා ද පළවී තිබූ බවද පොලීසිය සඳහන් කරයි.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න.... |