හැඳුනුම්පත් ක්‍රමවේදය උල්ලංඝනය කළ 141කකට වෙච්ච දේ.(VIDEO)

Covid Sri Lanka Isolating Police Ajithi Rohana
By Aruna May 18, 2021 05:57 AM GMT
Aruna

Aruna

Report

ගතවූ පැය 24ක කාලය තුළ නිරෝධායන රීති උල්ලංඝනය කළ පුද්ගලයන් 223ක් අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

ඒ සමග මේ දක්වා නිරෝධායනය රීති උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇති පිරිස 10,073ක් දක්වා ඉහළගොස් තිබේ.

විවිධ ස්ථාන පරීක්ෂා කිරීම්, ජංගම වෙළෙඳුන් සම්බන්ධ පරීක්ෂා කිරීම් සහ බස්නාහිර පළාතෙන් පිටතට ගමන් කළ වාහන පරීක්ෂා කිරීම් රැසක් ඊයේ දිනයේ සිදුවූ බවද නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය.

එහිදී බස්නාහිර පළාතෙන් පිටතට ගමන් කළ වාහන 2,049 පරීක්ෂා කර ඇත. ඊයේ දිනයේ හැඳුනුම්පත් ක්‍රමවේදය උල්ලංඝනය කර සංචරණ සීමා කඩ කරමින් ගමන් කළ 141ක් දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. "අද 18 වනදා.

ඉරට්ටේ දිනයක්. ඒ අනුව ඔබේ හැඳුනුම්පතේ අවසාන අංකය ලෙස 0 ද ඇතුළුව 2,4,6 හෝ 8 අංකය තිබේ නම් ඔබට අවශ්‍යතාවයක් සඳහා පිටතට පැමිණීමට හැකියාව තිබෙනවා." යනුවෙන් ද නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය.

මෙම මෙහෙයුම් අද දිනයේත් ක්‍රියාත්මකය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now