නිරෝධායනයවන නිවෙස් අසල අද සිට පොලීසිය
ස්වයං නිරෝධයනයට යොමුකර ඇති පුද්ගලයින් සෞඛ්‍ය අංශ විසින් ලබාදී ඇති උපදෙස් නිසිආකාරයෙන් අනුගමනය කරන්නේ ද යන්න පිළිබඳ සොයාබැලීම සඳහා සිවිල් ඇදුමින් සැරසුණු පොලිස් නිලධාරීන් අනුයුක්ත කිරීමට පියවර ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කරයි.
අජිත් රෝහණ මහතා පෙන්වා දෙන්නේ ස්වයං නිරෝධායනය හෝ ගෘහස්ථ නිරෝධායනයට ලක්කර ඇති පුද්ගලයින් රාත්‍රී කාලයේ නිවෙස්වලින් පිටවෙන බවට තොරතුරු ලැබී ඇති බවය.
"මේ වනවිට ශ්‍රී ලංකාව පුරා පුද්ගලයින් 116,000ක් පමණ ස්වයං නිරෝධායනයේ නිරත වෙනවා. ඒ අතරින් වැඩිම පිරිසක් ගෘහස්ථ නිරෝධායනයේ නිරත වෙන්නේ ගම්පහ දිස්ත්‍රික්කය ආශ්‍රිතව. එය 36,000ක් පමණ වෙනවා. ඒ අයගෙන් ඉල්ලා සිටින්නේ කිසිම හේතුවක් නිසා නිවසින් පිටතට නොයන ලෙසයි. අපිට වාර්තා වී තිබෙනවා රාත්‍රී කාලයේ පොලිසිය හෝ සෞඛ්‍ය බලධාරීන් නොමැති අවස්ථාවල මේ පුද්ගලයින් පිටතට යනබව. ඒ නිසා අද සිට විශේෂ මෙහෙයුමක් ආරම්භ කරලා තියෙනවා. ස්වයං නිරෝධායනයේ හෝ ගෘහස්ථ නිරෝධායනයේ යෙදෙන පුද්ගලයින් සිටින නිවාස අසල සිවිල් ඇඳුමින් සැරසුණු පොලිස් නිලධාරීන් යෙදවීමට. ඒ ලැබෙන තොරතුරු ඔස්සේ අත්අඩංගුවට ගැනීම් සහ නඩු පැවරීම් සිදුකරනවා."