තවත් සැකකරුවකු අත්අඩංගුවට ගැනීමට පොලීසිය මහජන සහය පතයි

By Sithumi Apr 18, 2021 05:34 PM GMT
Sithumi

Sithumi

Report

අද (18) උදෑසන ජා-ඇල පොලිස් වසමේ ජා-ඇල නගරයේ පිහිටි වාහන අලෙවි ආයතනයක නවතා තිබූ යතුරු පැදියක් පුද්ගලයෙකු විසින් සොරා ගෙන තිබේ. අදාළ සැකකරු විසින් එලෙස සොරාගෙන ඇත්තේ එම වාහන අලෙවි ආයතනයේ සේවකයෙකුට අයත් යතුරු පැදියකි. සැකකරු විසින් අදාළ ආයතනයට ඇතුළු වී එම යතුරු පැදිය සොරා ගෙන යන ආකාරය එහි සවිකර තිබූ CCTV කැමරාවලද සටහන්ව තිබුණි. මේ සම්බන්ධයෙන් යම් තොරතුරක් වෙතොත් පහත දුරකථන අංකයන් වෙත දැනුම් දෙන ලෙස පොලීසිය මහජනතාවගෙන් ඉල්ලා සිටී. දුරකථන අංක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කැලණිය - 0718591589 සහකාර පොලිස් අධිකාරී කැලණිය - 0718591602 ස්ථානාධිපති ජා-ඇල - 0718591603