පොහොට්ටුව එජාපය එක්වී ආණ්ඩු බලය පිහිටුවයි..

Government UNP
By Thaya Jan 17, 2021 08:14 PM GMT
Thaya

Thaya

Report

ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ මොරවැව ප්‍රාදේශීය සභාවේ බලය පිහිටු වීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට හැකි විය. ඒ අනුව, ශ්‍රී ලංකා පෙදුජන පෙරමුණ නියෝජනය කරමින් ඩබ්ලිව්.ආර්.ජගත් කුමාර වේරගම මහතා නව සභාපතිවරයා වශයෙන් ඊයේ (2021.01.15) පැවති ඡන්ද විමසිමේ දි බහුතර මන්ත්‍රි සංඛ්‍යාවකගේ කැමැත්ත හිමි කරගනිමින් තේරි පත්විය.

මොරවැව ප්‍රාදේශීය සභාව මන්ත්‍රි ආසන 16 කින් සමන්විත අතර 2018 පැවති පළාත් පාලන මැතිවරයේදී මන්ත්‍රි ආසන 07 ක් හිමි කර ගැනීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට හැකි විය. නමුත් දමිළ ජාතික සන්ධානය, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා එක්සත් ජාතික පක්ෂය එක්ව ප්‍රාදේශීය සභාවේ බලය පිහිටු වු අතර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මන්ත්‍රි කණ්ඩායම විපක්ෂය වශයෙන් කටයුතු කළේය.

2020 දෙසැම්බර් 31 පැවති මොරවැව ප්‍රාදේශීය සභාවේ වාර්ෂික අයවැය ඡන්ද විමසීමේදි බහුතර ඡන්දයෙන් එම අයවැය ලේඛනය පරාජයට පත්විය. ඒ අනුව, සහෝදර පක්ෂවල සහයෝගය ද ඇතිව පාලන බලය තහවුරු කර ගැනීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට හැකියාව ලැබිණ.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රිවරුන් 07 සමඟින් එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රිවරුන් තිදෙනෙකු ද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රිවරයෙකු ද පොදුජන පෙරමුණට පක්ෂව ඡන්දය භාවිත කළහ.

සිසිර මුණසිංහ

ප්‍රධානි

මාධ්‍ය ම්‍යස්ථානය

ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ