පුද්ගලයෙකුට පිහියෙන් ඇනලා.. පොහොට්ටු මන්ත‍්‍රී අත්අඩංගුවට..

Police
By Thaya Mar 13, 2021 07:07 PM GMT
Report

කොලොන්න ප‍්‍රාදේශීය සභාවේ ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ මන්ත‍්‍රීවරයෙකු ඇඹිලිපිටිය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත. මංගල සාදයක් අතරතුර පුද්ගලයෙකුට පිහියෙන් ඇනීමක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීම සිදුකර තිබේ. ඇඹිලිපිටිය නගර සභාවේ වැඩ බලන සභාපතිවරයාගේ සහෝදරයාගේ පිරිසක් හා මන්ත්‍රීවරයාගේ පිරිසක් අතර වූ ගැටුමකදී මෙම පිහි ඇනුම සිදුව තිබේ. මන්න්ත්‍රීවරයා සමඟ තවත් පුද්ගලයෙකු සැකපිට අත්අඩංගුවට ගෙන ඇති අතර ගැටුම හේතුවෙන් මන්ත්‍රීවරයාගේ වාහනයට අලාභ හානි සිදුව ඇත.