උද්ඝෝෂණ හෝ මහජන ඒකරාශීවීම් වලට PHI සංගමයේ නිර්දේශය කියයි – “කොවිඩ් ගුරු පොකුරක්” නිර්මාණය වීමේ අවදානමක්

sri lanka Upul rohana
By Sithumi Jul 29, 2021 11:28 AM GMT
Sithumi

Sithumi

Report

උද්ඝෝෂණ හෝ මහජන ඒකරාශී වීම් වලට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීම සඳහා මින් ඉදිරියට නිර්දේශ ඉල්ලා සිටියහොත් එම නිර්දේශ ලබාදීමට තීරණය කර තිබෙන බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා පවසනවා.

මේ මොහොතේ පවතින තත්වය සැලකිල්ලට ගෙන මෙම තීරණය ගත් බවයි ඔහු සඳහන් කළේ. “ඩෙල්ටා” වැනි කොවිඩ් ප්‍රභේද පැතිර යමින් පවතින තීරණාත්මක අවස්ථාවක, මෙවැනි උද්ඝෝෂණ සහ ජනයා ඒකරාශීවීම් කිසිසේත්ම සුදුසු නොවන බව පෙන්වා දෙන රෝහණ මහතා වහා ඒවායින් මිදිය යුතු බවද පැවසුවා. 

රටේ දැනට පවතින තත්වය කිසිසේත්ම සුබවාදී නොමැති බවත්, කොවිඩ් දැඩි අවදානම්කාරී තත්වයක් පවතින බවයි ඔහු සඳහන් කළේ. මේ අතර ගුරුවරුන්ගේ ඔන්ලයින් උද්ඝෝෂණය දිගටම කරගෙන යෑමට ගුරු සංගම් තීරණය කර තිබෙනවා. 

 මේ තත්වය දිගටම පැවතිය හොත් “කොවිඩ් ගුරු පොකුරක්” නිර්මාණය වීමේ අවදානමක් තිබෙන බව ඖෂධ නිශ්පාදන සැපයුම් හා නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පවසනවා. එවැනි තත්වයක් ඇති වුවහොත් උද්ඝෝෂණ සංවිධානය කරන ගුරු සංගම් නායකයන් ඒවාට වගකිව යුතු බවයි රාජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කළේ.