පර්පෙචුවල් ටේ‍රෂරීස් ව්‍යාපාරික කටයුතු තවත් මාස 06 කට අත්හිටුවයි

Business
By Thaya Jan 06, 2021 04:41 PM GMT
Thaya

Thaya

Report

පර්පෙචුවල් ටේ‍රෂරීස් සමාගමේ ව්‍යාපාරික කටයුතු අත්හිටුවීම තවත් මාස හයකින් දීර්ඝ කර තිබෙනවා.

ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කලේ ඊයේ සිට ඉදිරි මාස 06 සඳහා එය බලාත්මක වන බවයි.

ලියාපදිංචි ස්කන්ධ හා සුරැකුම්පත් ආඥා පණත සහ දේශීය භාණ්ඩාගාර බිල්පත් ආඥා පනත යටතේ නිකුත් කරන නියෝගවලට අනුව මෙම තීරණය ගෙන තිබෙනවා.

ඒ 2015 වසරේදී සිදු වූ මහ බැංකු බැඳුම්කර ගනුදෙනුවට අදාළව කෙරෙන විමර්ශන තවදුරටත් සිදුකරගෙන යෑමේ අරමුණ ඇතිවයි.

මේ අනුව පර්පෙචුවල් ට්‍රෂෙරීස් සමාගම විසින් ප්‍රාථමික අලෙවිකරුවකු ලෙස කරනු ලබන ව්‍යාපාර කටයුතු සහ ක්‍රියාකාරකම් අත්හිටුවීම තවත් මාස හයකින් දීර්ඝ කිරීමට ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය තීරණය කර තිබෙනවා.

ශ්‍රී ලංකා මහ බැංකුව 2017 වසරේ ජූලි මස 6 වැනිදා මුල් වරට පර්පෙචුවල් ටේ‍රෂරීස් සමාගමේ ව්‍යාපාර කටයුතු අත්හිටුවීමට තීරණය කළ අතර එතැන් පටන් අඛණ්ඩව මාස හයෙන් හයට එම අත්හිටුවීම දීර්ඝ කරනු ලැබුවා.