නකල්ස් රක්‍ෂිතයේ එනසාල් වගාවට අවසර දෙයි…

Cultivation
By Thaya Mar 09, 2021 05:13 PM GMT
Thaya

Thaya

Report

මීමුරේ ගම්වාසීන්ට නකල්ස් රක්ෂිතය ආශ්‍රිතව ඇති වන රක්ෂිතවල එනසාල් වගා කිරීමට ඉඩ ලබාදීමට තීරණය කර තිබේ. රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර මහතා සඳහන් කරන්නේ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අධීක්ෂණය යටතේ තෝරාගත් ස්ථානවල එනසාල් වගා කිරීමට අවසර ලබා දෙන බවයි. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදෙස් අනුව මීමුරේ සිදුකරන ලද සංචාරයකින් පසු ඇමැතිවරයා මෙම අදහස් පළ කරනු ලැබීය. මීමුරේ ගම්වැසියන්ට නකල්ස් රක්ෂිතයට අයත් වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ යටතේ පාලනය යටතේ රක්‍ෂිතවලට ඇතුළු වී එනසාල් වැවීමටත් වනාන්තරයට හානි නොවන ලෙස එනසාල් වගාව සිදු කිරීමටත් එකඟත්වයකට පැමිණි බවද ඔහු සඳහන් කළේය. කෙසේ නමුත් මීමුරේ ජනතාවට හැර වෙනත් ප්‍රදේශවල ජනතාවට එනසාල් වගාවන් සඳහා රක්ෂිතවලට ඇතුළු වීමට අවසර ලබා නොදෙන බවද ඒ මහතා පැවසීය.