ටයිල් ඇතුළු සෙරමික් නිෂ්පාදන සහ සාරි ආනයනයට අවසර

Import
By Thaya Mar 25, 2021 07:32 PM GMT
Thaya

Thaya

Report

ආනයනය තාවකාලිව අත්හිටුවා තිබුණු ටයිල් ඇතුළු සෙරමික් නිෂ්පාදන සහ බතික් හෝ අත් යන්ත්‍ර මගින් වියන ලද ඇඟළුම් හා රෙදිපිළි හැර වෙනත් සාරි වර්ග යළි ආනයනය කිරීමට අවසර ලබාදීමට කැබිනට් මණ්ඩලය ඊයේ (23) තීරණය කර තිබේ. ඒ අනුව දින 180ක ණය පදනම මත සෙරමික් නිෂ්පාදන ආනයනය කිරීමටත් දින 90ක ණය පදනම මත ඉහත සඳහන් කළ සාරි වර්ග ආනයනය කිරීමටත් හැකිවන පරිදි 2214/56 අංක දරණ ගැසට් නිවේදනය සංශෝධනය කිරීමටයි කැබිනට් මණ්ඩලය අනුමත කර ඇත්තේ.