සංචාරක මාර්ගෝපදේශක කථිකාචාර්යවරුන්ගේ ගැටලුවට ස්ථිර විසදුම් ...

Travel
By Thaya Mar 25, 2021 07:34 PM GMT
Thaya

Thaya

Report

ශ්‍රී ලංකාවේ සංචාරක ව්‍යාපාරය යථා තත්ත්වයට පත්කළ විගස සංචාරක මාර්ගෝපදේශක කථිකාචාර්යවරුන්ගේ ගැටලුවලට ස්ථිර විසදුම් ලබාදෙන බව සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා අද(.24) පාර්ලිමේන්තුවේදී අවධාරණය කළේය. කොවිඩ් එන්නත්කරනය සමඟ 2020 වර්ෂය වන විට සංචාරක ව්‍යාපාරය නැවත යථා තත්ත්වයට පත්විය හැකි බව එක්සත් ජාතීන්ගේ ලෝක සංචාරක සංවිධානය පුරෝකථනය කර ඇති බවද පෙන්වා දෙමින් අමාත්‍යවරයා ප්‍රකාශ කළේ ශ්‍රී ලංකාවේ සංචාරක ව්‍යාපාරය 2019 වසරේ පැවැති මට්ටමට හෝ වර්ධනය කර ගැනීම රජයේ අරමුණ වී ඇති බවයි.

පාර්ලිමේන්තු ස්ථාවර නියෝග 27(2) යටතේ පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා විසින් සංචාරක අමාත්‍යවරයාට ඉදිරිපත් කර තිබූ ප්‍රශ්නයට පිළිතුරු දෙමින් අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා මෙසේ පැවසීය.එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා මෙලෙස සඳහන් කළේය.

ශ්‍රී ලංකා සංචාරක හා හෝටල් කළමණාකරණ ආයතනය මඟින් සකස් කළ විෂය මාලාවන්ට අනුව පළාත් සභා මඟින් ස්ථානීය නියාමකවරු සඳහා බලපත්‍ර නිකුත් කරන අතර ඔවුන් සඳහා පාඨමාලාද පවත්වනු ලැබේ. ඊට ඉහළ තත්ත්වයේ ශ්‍රී ලංකා සංචාරක හා හෝටල් කළමණාකරණ ආයතනය මඟින් පවත්වන ජාතික මාර්ගෝපදේශ පාඨමාලාව සහ සංචාරක රියදුරු මාර්ගෝපදේශන පාඨමාලාව සඳහා බලපත්‍ර නිකුත් කරනු ලබන්නේ ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධීකාරිය මඟිනි. මීට අමතරව සංචාරක මාර්ගෝපදේශක සේවයේ ගුණාත්මකභාවය සහ ධාරිතා සංවර්ධනය ශ්‍රී ලංකා සංචාරක හා හෝටල් කළමණාකරණ ආයතනය මඟින්

කඳු නැගීම් හා මංපෙත් සලසන්නෝ සඳහා පාඨමාලාව, ප්‍රජා පදනම් සංචාරක සිද්ධි පාඨමාලාව, සිද්ධි කළමණාකරණ පාඨමාලාව පවත්වනු ලැබේ.,ඒ අනුව සංචාරක මාර්ගෝපදේශක සේවයේ ප්‍රමිතිය ආරක්ෂා කිරීමට පියවර ගෙන ඇත. සංචාරක මාර්ගෝපදේශන කථිකාචාර්යවරුන් වෙනුවෙන් අවම දෛනික චේතනය වැඩිකිරීම පිළිබඳව මාගේ කිසිදු විරුද්ධත්වයක් නොමැති අතර එම වැඩි කරනු ලබන මුදල සම්බන්ධයෙන් තීරණයක් ගැනීමට අමාත්‍යංශ ලේකම්ගේ ප්‍රධානත්වයෙන් සහත සාමාජිකයන්ගෙන්සමන්විත කමිටුවක් පත්කෙට තිබේ.

සභාපති- එස්. හෙට්ටිආරච්චි ( සංචාරක අමාත්‍යංශ ලේකම්) එස්. එල්. ධම්මිකා කේ. විජේසිංහ ( ශ්‍රීලංකා සංචාරක සංවර්ධන අධීකාරියේ අධ්‍යක්ෂ ජෙනරාල්) ඩී. ඒ. පී. වීරරත්න මහතා - ජනාධිපති නීතීඥ මහේන් කාරියවසම් - SLAITO සභාපති, මහේෂ් ප්‍රියදර්ශන - සංචාරක මඟ පෙන්වන්නන්ගේ සංගමයේ සභාපති එම කමිටු රැස්වීමේදී සංචාරක මාර්ගෝපදේශක කථිකාචාර්යවරුන්ගේ අවම දෛනික වේතනයවැඩි කිරීම සම්බන්ධයෙන් සාකච්ඡා කළ අතර කොවිඩ් - 19 තත්ත්වය හේතුවෙන් සංචාරක ව්‍යාපාරය අඩපණ වී ඇති අවස්ථාවක එම මුදල වැඩිකිරීම සුදුසු නොවන බැවින් සංචාරක ව්‍යාපාරය නැවත යථාතත්ත්වයට පත් වූ විට ඒ සම්බන්ධව තීරණයක් ගැනීමට නියමිතය.

කෙසේ වෙතත් සංචාරක මාර්ගෝපදේශ සේවයේ යොදවන ආයතන නියෝජනය කරනු ලබන ශ්‍රී ලංකා ආගමික චාරිකා මෙහෙයුම්කරුවන්ගේ සංගමය විසින් මෙම අවම දෛනික වේතනය වැඩි කිරීම සම්බන්ධව එකඟතාවය දක්වා ඇතත් වැඩි කරනු ලබන මුදල පිළිබඳ තීරණයක් ගනු නොලැබුණි. ඉදිරියේදී එම කමිටුව ලබාදෙන නිර්දේශ අනුව මාගේ තීරණය ලබාදීමට කටයුතු කරනු ලැබේ.කොවිඩ් 19 එන්නත්කරනය සමඟ එක්සත් ජාතීන්ගේ ලෝක සංචාරක සංවිධානය මඟින් 2022 වර්ෂය වන විට සංචාරක ව්‍යාපාරය නැවත යථා තත්ත්වයට පත්විය හැකි බව පුරෝකථනය කර ඇත.