කොරෝනා එන්නත ලබා නොදිය යුතු පුද්ගලයින් මෙන්න...අනිවාර්යයෙන් බලන්න.

Covid-19 Covid Vaccine
By Thaya Feb 11, 2021 02:31 PM GMT
Thaya

Thaya

Report

කොවිඩ් වලින් ආරක්ෂා වීමට ලබා දෙන ඔක්ස්ෆෝර්ඩ්/ඇස්ට්‍රා සෙනෙකා වැක්සීනය වසර 18 ට වැඩි පුද්ගලයන් සඳහා ලබා දීම සුදුසු බව ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) නිර්දේශ කර තිබේ. අවරුදු 18 ට අඩු අය සඳහා අඩුම තරමින් දැනට සිදු කෙරෙන පර්යේෂණ අවසන් වනතුරු ඔක්ස්ෆෝර්ඩ්/ඇස්ට්‍රා සෙනෙකා වැක්සීනය ලබා දීම නිර්දේශ නොකරන බවද ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි.

එසේම ගර්භනීභාවයට හෝ මව් කිරි දීම සම්බන්ධයෙන් අදාළ වැක්සීනය බලපෑමහක් නොකරන බවද ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි. එසේම වැක්සීනය හේතුවෙන් ගැබ්ගැනීම් කල්දැමීමේ අවශ්‍යතාවයක් නැතැයිද ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි.

එසේම දැනට නව කොරෝනා ප්‍රභේදයටද ඔක්ස්ෆෝර්ඩ්/ඇස්ට්‍රා සෙනෙකා වැක්සීනය හොඳින් ප්‍රතිචාර දක්වා ඇතැයිද එම නිසා එම නව ප්‍රභේදය හඳුනාගත් රටවලටද දිගටම ඔක්ස්ෆෝර්ඩ්/ඇස්ට්‍රා සෙනෙකා වැක්සීනය ලබාදීම සිදු කරන ලෙසද ලෝක සෞඛ්‍ය සංවිධානය පවසා තිබේ. ශ්‍රීලංකාවේද දැනට ලබා දෙන්නේ ඔක්ස්ෆෝර්ඩ්/ඇස්ට්‍රා සෙනෙකා වැක්සීනයයි.