සියලු ජනයා රට තුළ පවතින පොදු නීතියට අනුව කටයුතු කළ යුතුයි.....

Law
By Thaya Jan 05, 2021 06:12 PM GMT
Thaya

Thaya

Report

2021 නව වසරේදී ග්‍රාමීය ආර්ථිකය ගොඩනැගීමට, නිවාස සහ යටිතල පහසුකම් සංවර්ධනයට අයවැය තුළින් රජය විශාල මුදලක් වෙන්කර ඇති බවත්, එම සියලු

සංවර්ධන කටයුතු අද සිට ආරම්භ කරන බවත්, ග්‍රාමීය නිවාස හා ඉදිකිරීම් සහ ගොඩනැගිලි ද්‍රව්‍ය කර්මාන්ත ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ මහතා පැවසීය.

සිංහල, මුස්ලිම්, දමිළ සියලු ජනයා රට තුළ පවතින පොදු නීතියට අනුව කටයුතු කළ යුතු බවත්, ජනාධිපතිතුමන් සෑම විටම රාජ්‍ය පාලනය සිදු කරනු ලබන්නේ මහා සංඝරත්නය විසින් සිදුකරන මගපෙන්වීම ගරු බුහුමනින් යුතුව පිළිගනිමින් බවත් ප්‍රකාශ කළේය.

මුස්ලිම් ජාතිකයින් වෙනත් රටකට ගියවිට එම රටේ නීතිය අනුව ඔවුන් ක්‍රියාකළ යුතු බව මුස්ලිම් ආගමික නායකයින් හොදින් දන්නා බවත්, කතෝලිකයින්ද ශ්‍රී ලංකාව තුළදී බෞද්ධයින් සමග එකතු වී කටයුතු කළ යුතු බව අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල් හිමිපාණන් වහන්සේ පසුගියදා ප්‍රකාශ කළ බවත් අමාත්‍යවරයා සිහිපත් කළේය.

සුනාමි ව්‍යවසනයෙන් සහ පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයෙන් මියගිය ජනතාව ආදාහනයද,භූමදානයද සිදුකළේ කියා අපි කවුරුත් අදටත් නොදන්නා බව පෙන්වා දුන් අමාත්‍යවරයා,කොරෝනා මෘතදේහ ආදාහනය කරන්නේ කිසිවකුගෙන් පළිගැනීමට නොව, එය රටේ නීතිය අනුව සහ සමස්ත ජනතාවගේ සෞඛ්‍යය හේතූ මත සිදුකරන ක්‍රියාවක් බවත් වැඩිදුරටත් සඳහන් කළේය.

අමාත්‍යවරයා මේ බව කියා සිටියේ 2021 නව වසරේ වැඩ ආරම්භ කරමින් “ඔබට ගෙයක් - රටට හෙටක්” ජාතික නිවාස වැඩසටහන යටතේ ගම්පහ දිස්ත්‍රික්කයේ,

දොම්පේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ, ඉහළ ලුණුගම ප්‍රදේශයේ ඉදිකළ නව නිවාස ජනතා අයිතියට පත් කිරීමේ අවස්ථාවට අද (01) සහභාගීවු අවස්ථාවේදිය.