සීනි බදු සහන ජනතාවට හිමි වුනේ නැහැ - චෝදනාවක්

Sugar tax
By Thaya Mar 18, 2021 05:57 PM GMT
Report

ආණ්ඩුව යම් බදු සහනයක් ලබාදුන්නේ නම් එය ජනතාවට ලබාදිය යුතු බව ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතා පවසනවා. නමුත් සීනි සඳහා බදු සහන ලබාදීමේ දී එම සහන මෙරට ජනතාවට හිමි නොවූ බවයි ඔහු කියා සිටියේ. කොළඹදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ මහතා මේ බව කියා සිටියා.