සමාජ මාධ්‍යයෙන් චරිත ඝාතනය කළොත් දණ්ඩ නීති සංග්‍රහයෙන් දඬුවම්....

Social Media
By Thaya Apr 04, 2021 03:50 PM GMT
Thaya

Thaya

Report

යම් අයකුගේ පෞද්ගලික ජීවිතය පිළිබඳව අසත්‍ය චෝදනා එල්ල කිරීම සහ චරිත ඝාතනය කිරීම දණ්ඩ නීති සංග්‍රහය යටතේ වරදක් බවට පත්කිරීම සඳහා නව නීති සැකසෙමින් පවතීන බව ‘සතිඅග අරුණ පුවත්පත’ වාර්තාකර සිටිනවා. ‘යම් තැනැත්තකුගේ පෞද්ගලික ජීවිතය පිළිබඳ චෝදනා ඉදිරිපත් කිරීම සඳහා සමාජ මාධ්‍ය භාවිත කරන අවස්ථාවන්ද ඇතුළුව මානව ගරුත්වයට හානි කිරීම දණ්ඩ නීති සංග්‍රහය යටතේ වරදක් බවට පත් කිරීම මෙම නව නීති සකස් කිරීමේ අරමුණ වෙනවා’ යැයි මේ පිළිබඳ අදහස් පළ කළ අධිකරණ අමාත්‍යාංශයේ අතිරේක ලේකම් පියමන්ති පීරිස් සඳහන් කර සිටින්නේ.

දණ්ඩනීති සංග්‍රහයට මෙම සංශෝධන ඇතුළත් කිරීම සඳහා මේ වනවිටත් කෙටුම්පතක් සකස් කර ඇති බවත්, එය සාකච්ඡාවට බඳුන් වෙමින් පවතින බවත් අතිරේක ලේකම්වරිය වැඩිදුරටත් සඳහන් කළාය. කෙසේ වෙතත් මෙම වරදේ විෂය පථය තවමත් නිශ්චය කර නොමැති අතර, එය පෞද්ගලිකව සමාජ මාධ්‍ය ඔස්සේ චෝදනා එල්ල කරන්නන්ට එරෙහිව ක්‍රියාත්මක වනවාද, සංවිධානාත්මක හා ද්වේෂ සහගත චරිත ඝාතන සහ මඩගැසීම්වලට එරෙහිව ක්‍රියාත්මක කෙරෙනවාද යන්න තවමත් තීරණය කර නැත.