P.C.R. යන්ත්‍රයක් ගැනීමට රුපියල් ලක්ෂ 70 ක පෞද්ගලික ධන පරිත්‍යාගයක්.

pcr 7 million
By Thaya Jan 02, 2021 06:21 AM GMT
Report

කොවිඩ් -19 පරීක්ෂණ වාර්තා ලබාගැනීමට අවශ්‍ය P.C.R. යන්ත්‍රයක් මිලදී ගැනීමට කටයුතු කරන ලෙස දන්වමින් විශ්‍රාමික සිවිල් ඉංජිනේරුවරයෙකු වන පී.එච්.ඩී.වෛද්‍යතිලක මහතා විසින් සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත රුපියල් ලක්ෂ 70 ක පෞද්ගලික ධන පරිත්‍යාගයක් සිදු කරන ලදි.

ඊට අදාල චෙක්පත පී.එච්.ඩී.වෛද්‍යතිලක මහතා විසින් සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය වෙත අද දින (30) සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී ලබාදෙන ලද අතර, සෞඛ්‍ය අමාත්‍යවරිය විසින් එම චෙක්පත සෞඛ්‍ය සංවර්ධන අරමුදලට බැර කිරීමට අවශ්‍ය කටයුතු සිදු කිරීමට අමාත්‍යාංශ ලේකම් මේජර් ජෙනරාල් වෛද්‍ය

සංජීව මුණසිංහ මහතා වෙත භාරදෙන ලදි.

මෙම අවස්ථාවට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන, සෞඛ්‍ය සංවර්ධන අරමුදලේ ලේකම් එස්.ඒ.ධර්මවර්ධන යන මහත්වරුන් සහභාගි වූහ.

Gallery