විශ්‍රාම වැටුප් ගෙවීම ගැන තීරණයක්..

Parliament of Sri Lanka Sri Lanka Parliament Sri Lanka Politician Sri Lanka Government Of Sri Lanka
By krishani May 24, 2023 08:06 AM GMT
krishani

krishani

Report

විශ්‍රාම ගන්නා සේවකයන්ට හිමි විශ්‍රාම වැටුප් කඩිනමින් ගෙවීම සඳහා නිසි වැඩපිළිවෙලක් සකස් කරන ලෙස ආංශික අධීක්ෂණ කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රි ජගත් කුමාර සුමිත්‍රආරච්චි විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තු නිලධාරීන්ට උපදෙස් ලබා දී ඇත.

ඒ ආංශික අධීක්ෂණ කාරක සභාව පාර්ලිමේන්තුවේ දී කැඳ වූ අවස්ථාවේදි ය.

මෙහිදී සභාපතිවරයා විසින් පෙන්වා දුන්නේනේ විශ්‍රාම වැටුප් ලැබීමට දීර්ඝ කාලයක් ගතවීම නිසා ජනතාව අපහසුතාවට පත්වන බවයි.

නිවැරදි ආකාරයෙන් අදාළ අයදුම්පත් සම්පූර්ණ නොකිරීම හේතුවෙන් මෙලෙස විශ්‍රාම වැටුප් සැකසීම ප්‍රමාද වන බව විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තු නිලධාරීන් සඳහන් කළ අතර විශ්‍රාම වැටුප් පිළිබඳ තොරතුරු ලබාගැනීමට නිසි ක්‍රමවේදයක් නොමැතිවීම හේතුවෙන් විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව පිළිබඳව ජනතාව තුළ කළකිරීමක් පවතින බව එහි සභාපතිවරයා පැවසීය.

කෙසේවෙතත්, නවීන තාක්ෂණය උපයෝගී කරගෙන ජනතාවට පහසුවෙන් සේවා සලසන අයුරින් ක්‍රියා කරන ලෙස මෙහිදී සභාපතිවරයා නිළධාරින්ට උපදෙස් ලබා දී තිබෙනවා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

Join