වාර්තා පොත් අලුත් කළ පැතුම්ගේ මංගල ඉනිම..කොදෙව්වන්ට අභියෝගාත්මක ඉනිමක්.

Cricket
By Thaya Mar 25, 2021 07:39 PM GMT
Thaya

Thaya

Report

තම මංගල ටෙස්ට් තරගයේදීම ශතකයක් වාර්තා කළ සිව්වන ශ්‍රී ලාංකික පිතිකරුවා බවට පැතුම් නිස්සංක පත්විය. ඒ, බටහිර ඉන්දීය කොදෙව්වන්ට එරෙහි පළමු ටෙස්ට් තරගයේ දෙවන ඉනිමේදි විශිෂ්ට ශතකයක් ලබා ගනිමිනි. මීට පෙර මෙම දස්කම දැක්වූ ශ්‍රී ලංකා පිතිකරුවන් වන්නේ

01. බ්‍රෙන්ඩන් කුරුප්පු 201* (1987)

02. රොමේෂ් කළුවිතාරණ 132* (1992)

03. තිලාන් සමරවීර 103* (2001)

පැතුම් නිස්සංක ලකුණු 103කට දැවී ගියේය. මේ අතර මංගල ටෙස්ට් තරගයේ දෙවැනි ඉනිමේදී ශතකයක් ලබා ගත් දෙවැනි ශ්‍රී ලංකා පිතිකරු ලෙස ද නිස්සංක වාර්තා අතරට එක් විය. ඕෂධ ප්‍රනාන්දු ලකුණු 91කට දැවී ගිය අතර නිරෝෂන් දික්වැල්ල ලකුණු 96කට දැවී ගියේය.

ලහිරු තිරිමාන්න ලකුණු 76ක් ලබා ගත්තේය. ජයග්‍රහණය සඳහා ලකුණු 375ක ඉලක්කයක් හඹායන කොදෙව්වන් සිව්වන දිනයට තරගය නතර කරන විට එක් කඩුල්ලක් දැවී ලකුණු 34ක් ලබා සිටී. තරගයේ පළමු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකාව ලකුණු 169ක් ලබාගත් අතර ඊට පිළිතුරු ලෙස කොදෙව්වන් සිය පළමු ඉනිමට ලකුණු 271ක් ලබා ගත්තේය.

ReeCha