පාර්ලිමේන්තුව උණුසුම් වෙයි... කතානායක සභාව කල් තියයි

Parliament
By Thaya Apr 08, 2021 06:07 PM GMT
Thaya

Thaya

Report

පාර්ලිමේන්තුව විනාඩි කිහිපයකට කල් තැබීමට කතානායකවරයා මිට සුළු වෙලාවකට පෙර තීරණය කළා. ඒ රන්ජන් රාමනායක මන්ත්‍රීතුමා සම්බන්ධයෙන් සභාවේ ඇති වූ කතාබහක් අතර වාරයේ සභාව උණුසුම් වීමත් සමගයි මෙහිදී පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා රන්ජන් රාමනායක ,මහතාගේ මන්ත්‍රී ධුරය සම්බන්ධයෙන් ප්‍රශ්න කර සිටි අතර තමන්ව අත්අඩංගුවට ගත් අවස්ථාවේ දී මාස 8කට අධික කාලයක් පාර්ලිමේන්තුවට පැමිණීමට නොදී සිරකරන් සිටි බවත් එම අවස්ථාවේ සභානායක ලෙස කටයුතු කල තැනැත්තාද සභාවේ සිටින බවට ඔහු කියා සිටියා..

එහි දී නැගී සිටි හිටපු කතානායක අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා කියා සිටියේ තමන් කතානායකවරයා ලෙස කටයුතු කරන අවස්ථාවේ ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා පාර්ලිමේන්තු පැමිණීමට අවස්ථාව ලබාදුන් බවයි. එහිදී සභාවේ යම් උණුසුම් තත්වයක් ඇති වීමත් සමග මෙසේ පාර්ලිමේන්තුව කල් සුලු වෙලාවකට කල් තැබීමට කතානායකවරයා තීරණය කළා.