පාකිස්තාන අගමැති අද දිවයිනට...හෙට පාර්ලිමේන්තුවට.

Parliament Pakistan Sri lanka Imran Khan
By Thaya Feb 23, 2021 05:18 PM GMT
Report

දෙදින නිල සංචාරයක් සඳහා පාකිස්තාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් අද (23) දිවයිනට පැමිණීමට නියමිතව තිබෙනවා. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ආරාධනයකට අනුව පාකිස්තාන අග්‍රාමාත්‍යවරයා මෙරට සංචාරයක නිරත වන බව විදේශ අමාත්‍යාංශය සඳහන් කරයි. පාකිස්තාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සමග ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැත්වීමට ද නියමිතයි. ඉන් අනතුරුව දෙරට අතර ද්විපාර්ශ්වික ගිවිසුම්වලට අත්සන් තැබීමට නියමිත බව විදේශ අමාත්‍යාංශය සඳහන් කළේය.

ඉන් අනතුරුව පාකිස්තාන අග්‍රාමාත්‍යවරයා හෙට (24) මෙරට පාර්ලිමේන්තුව ඇමතීමට ද නියමිතව තිබේ. අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් මෙම වසරේ රටින් බැහැරව යන පළමු නිල සංචාරය මෙය වේ.