වී ගබඩා කඩා දමා වී තොග රජයට.. කැබිනට් අනුමැතිය ලැබේ…

Government Paddy
By Thaya Mar 17, 2021 07:16 PM GMT
Thaya

Thaya

Report

වී තොග සඟවාගෙන සිටින අතරමැදියන්ට විරුද්ධව දැඩි ක්‍රියාමාර්ග ගැනීමට තීරණය කර තිබෙන බව කෘෂිකර්ම ඇමති මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසයි. ගොවින් නොවන වී තොග සඟවාගෙන සිටින අතරමැදියන්ගේ වී තොග රජයට පවරා ගැනීමට වැඩ පිළිවෙලක් සකස් කිරීමට තීරණය කර ඇතැයි ද ඒ මහතා පැවැසීය. වී තොග සඟවාගෙන සිටින ගබඩා කඩා දමා එම වී රජයට පවරා ගන්නා බව ද ඇමතිවරයා කියා සිටියේය. ගොවීන්ට සහ වී මෝල් හිමියන්ට තම වී තබා ගැනීමට ඉඩ ලබා දෙන නමුත් අතරමැදියන් වී සඟවාගෙන සිටින්නේ නම් ඔවුන්ට විරුද්ධව දැඩි ක්‍රියාමාර්ග ගැනීමට කැබිනට් මණ්ඩලය තීරණය කළ බවද ඔහු සඳහන් කළේය.

ඒ සදහා වැඩපිලිවෙලක් සැකසීමට කැබිනට් මණ්ඩලය වෙළඳ අමාත්‍යවරයාට දැනුම් දී තිබේ. ඇමති මහින්දානන්ද මහතා සඳහන් කරන්නේ මෙවර මහ කන්නයේ දීද විශාල වී අසවැන්නන් ලැබීමට නියමිත බවත් දැනට රටේ සහල් අතිරික්තයක් පවතින බවත්ය. මේ තත්ත්වය මත ඉදිරි මාස 6ක කාලය තුළ කිසිසේත්ම සහල් මිල ඉහළ යා නොහැකි බවත් රට තුල දැනට ක්‍රියාත්මක වන සහන මාෆියාවක් බවත් ඔහු පැවසීය.