මව ගිනි තියාගෙන මළපසු පියා බාරයේ සිටි දරු දෙදෙනාව පිටස්තරයෝ අපයෝජනය කරලා

fire abused mother
By Thaya Dec 25, 2020 11:25 AM GMT
Report
පියා භාරයේ සිටියදී පිටස්තර පුද්ගලයන් දෙදෙනකු අතින් අපයෝජනයට ලක්වූ බව කියන බාල වයස්කාර දැරියන් දෙදෙනකු ඔවුන්ගේ ලොකු අම්මා භාරයට පකිරීමට කැකිරාව දිසා විනිසුරු සහ මහේස්ත්‍රාත් යූ.එස්.කේ.කේ. වැරනියගොඩ මහතා නියෝගයක් නිකුත් කළේය. මෙම වින්දිත දැරියගේ මව සිරුරට ගිනි තබාගෙන මියගොස් ඇති අතර ඔවුන් පියා භාරයේ සිටියදී පියාගේ මිතුරන් දෙදෙනකු අතින් අපයෝජනයට ලක්ව ඇති බවත් ගල්නෑව පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශයේ නිලධාරින් අධිකරණයට කරුණු වාර්තා කර තිබිණි. එම තත්වය අනුව වින්දිත දැරියන් දෙදෙනා ඔවුන්ගේ පියා භාරයේ රැඳවීම තවදුරටත් සිදුකළ නොහැකි බැවින් දරුවන්ගේ භාරකාරීත්වය ලොකු අම්මා වෙත පවරන ලෙස පොලිසිය අධිකරණයෙන් ඉල්ලීමක් කළේය.