කාබනික පොහොර ආනයනය අත්හිටුවයි

Dayasiri Jayasekara organic fertilizer export banned W.M.W.Weerakoon
By Sewvandhi Jun 25, 2021 03:21 AM GMT
Sewvandhi

Sewvandhi

Report

කාබනික පොහොර ආනයනය කිරීම තාවකාලිකව නතර කිරීමට පියවර ගෙන ඇති බව කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පවසනවා.

එහි අධ්‍යක්ෂ ජනරාල් ඩබ්ලිව්.එම්.ඩබ්ලිව්. වීරකෝන්  සංවාදයකට එක්වෙමින් ප්‍රකාශ කළේ ආනයනය හරහා ක්ෂුද්‍රජීවීන් මෙරටට පැමිණීමේ අවදානම ඇතුළු තවත් කරුණු කිහිපයක් හේතුකොටගෙන එම තීරණය ගත් බවයි.

මෙම මස පළමුවනදා කැබිනට් තීරණවල දැක්වුණේ 2021, 2021 මහ කන්නයේ වී වගාව සඳහා හෙක්ටයාර ලක්ෂ පහකට අවශ්‍ය කාබනික පොහොර සහ ස්වභාවික ඛනිජ අවශ්‍යතාවන් රජයේ පොහොර සමාගම් හරහා ආනයනය කිරීමට කැබිනට් අනුමැතිය හිමි වූ බවයි.

එසේම අනෙකුත් භෝග හෙක්ටයාර ලක්ෂ හයකට පමණ අවශ්‍ය කාබනික පොහොර, එම භෝගවලට අදාළ පර්යේෂණ ආයතනවල නිර්දේශවලට අනුව ආනයනයට බලපත්‍ර හිමි සමාගම් මගින් ගෙන්වා ගොවීන් වෙත බෙදාහැරීමටයි තීරණය කර ඇති බව ද එහි දැක්වුණා.

කෙසේ වෙතත්, මේ වන විට තීරණය කර ඇත්තේ කාබනික පොහොර ආනයනය තාවකාලිකව නතර කිරීමටයි. මේ අතර රසායනික පොහොර ගෙන්වීම නැවැත්වීමට ගත් තීරණය හේතුවෙන් සහල් අර්බුදය තවදුරටත් උග්‍රවනු ඇති බව රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර ප්‍රකාශ කළා. ඔහු මේ බව කියා සිටියේ කුරුණෑගල - හෙට්ටිපොල ප්‍රදේශයේදී ඊයේ මාධ්‍ය වෙත අදහස් දක්වමින්.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now


ReeCha