විපක්ෂය පහර ගසමින් සිටින්නේ රට දින වන ප්‍රතිපත්ති මාලාවටයි

Gotabaya Rajapaksa
By Thaya Mar 28, 2021 05:41 PM GMT
Report

රජයේ ප්‍රතිපත්ති සහ සංවර්ධන ව්‍යාපාරය ඉදිරියට ගෙනයෑම සඳහා ශක්තිමත්ව අත්වැල් බැඳගන්නා ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පළාත් පාලන නියෝජිතයින්ට දැනුම් දී තිබේ. විපක්ෂය පහර ගසමින් සිටින්නේ රට දිනවන ප්‍රතිපත්ති මාලාවට එරෙහිව බව ද ජනාධිපතිවරයා පවසයි.

ජනතාව රජය කෙරෙහි තැබූ අපේක්ෂා ඉටුකරමින් සංවර්ධන වැඩ ඉදිරියට ගෙන යායුතු බව පෙන්වාදෙන ජනාධිපතිවරයා, රජයේ සැලසුම් නිසිලෙස ක්‍රියාවට නංවමින් ජනතා ප්‍රශ්නවලට විසඳුම් දියයුතු බවද අවධාරණය කරයි. ඊයේ (26) පස්වරුවේ බත්තරමුල්ල දියත උයන පරිශ්‍රයේ පැවති පළාත් පාලන නියෝජිත හමුව අමතමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මේ බව කියා සිටියේය.

පුද්ගලයන් නොව, රජයේ ප්‍රතිපත්ති ඉස්මතු කිරීමට සියලුදෙනා කැපවිය යුතු බව පවසන ජනාධිපතිවරයා ප්‍රතිපත්ති බිඳ වැටුණහොත් රට නැවත විනාශයට ඇඳ වැටීම වැළැක්විය නොහැකි බව ද පැවසීය.