මෙරටින් හමුවූ අති දුර්ලභ එකම ශාකය 99න් බේරෙයි.

Plants
By Thaya Feb 08, 2021 05:02 PM GMT
Report

ලොවින් තුරන්වී ඇතැයි සැලකු මෙරටින් පසුගියදා සොයා ගනු ලැබූ “කෘඩියා සිලනිකා” නම් දුර්ලභ ශාඛය ඉවත් කිරීමට ගත් උත්සාහය ගම්පහ දිස්ත්‍රික් අඩවි වනජීවී නිලධාරි දේවානි ජයතිලක ගේ මැදිහත් වීමෙන් වලක්වා ගැනීමට හැකිව තිබෙනවා. අධිවේගී මාර්ගයේ කඩවත සිට මීරිගම දක්වා දිවෙන කොටසේ ගම්පහ දිස්ත්‍රික්කයේ දී මෙම ශාඛය පිහිටි බිම් කොටස හමුවනවා.

මෙම ශාඛය පිහිටි බිම් කොටසේ පිහිටි ශාඛ පද්ධතිය ඩෝසර් කිරිමට ලක් කර තිබුණා. අධිවේගී මාර්ගය ඉදිකිරීමේදී මෙම “කෘඩියා සිලනිකා” නම් දුර්ලභ ශාඛය පිහිටි බිම් කොටස මග හැර ඉදිකිරීම් සිදු කිරිමට තීරණය කළ බවත් එම තීරණය ද නොසලකා මේ වන විට කටයුතු කරමින් සිටින බවයි ගම්පහ දිස්ත්‍රික් අඩවි වන නිලධාරිනි දේවානි ජයතිලක සඳහන් කර සිටියේ.