හිටිහැටියේම තෙල් මිල 6%කින් ඉහළට - රත්තරන් වගේ ගණන් නගින තෙල්
පසුගිය පැය 24 තුළ ඉරානය විසින් එක්සත් අරාබි එමීර් රාජ්‍යයට සහ මැදපෙරදිග ගල්ෆ් කලාපයේ නෞකාවලට එල්ල කරන ප්‍රහාර දැඩි කිරීමත් සමඟ ලෝක වෙළඳපොළේ තෙල් මිල දළ වශයෙන් 6%කින් පමණ ඉහළ ගොස් ඇත.
මෙය අප්‍රේල් මස මුලදී අමෙරිකාව සහ ඉරානය අතර ඇති කරගත් සටන් විරාමයෙන් පසු වාර්තා වූ දරුණුතම ගැටුම්කාරී තත්ත්වය බවද විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.
ඒ අනුව බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල අමෙරිකානු ඩොලර් 6.79කින් හෙවත් සියයට 6.3කින් ඉහළ ගොස් ඩොලර් 114.96ක් ලෙස සටහන් විය.
එමෙන්ම අමෙරිකානු වෙස්ට් ටෙක්සාස් ඉන්ටර්මීඩියට් බොරතෙල් මිල ඩොලර් 4.23කින් හෙවත් සියයට 4.2කින් ඉහළ ගොස් ඩොලර් 106.17ක් දක්වා වැඩි වී තිබේ.