කොවිඩ් එන්නතින් රෝගි වූ නිලධාරිනියක් රෝහල් ගත කරයි

Covid-19 Corona Vaccine
By Thaya Feb 03, 2021 01:47 PM GMT
Report

කොරෝනා වෛරසය සඳහා එන්නතක් විදීමෙන් පසුව පවුල් සෞඛ්‍ය සේවිකාවක් ආසාත්මික තත්ත්වයක් ඇති වීමෙන් රෝහලට ඇතුළත් කර තිබේ.

පිලියන්දල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයට අනුයුක්තව සේවය කරන නිලධාරිනියකට මෙසේ ආසාත්මික තත්ත්වයක් ඇති වී ඇත.

ඊයේ දිනයේ පිලියන්දල රෝහලේදී එහි කාර්ය මණ්ඩල සාමාජිකයන් 60 දෙනකුට පමණ මෙම එන්නත ලබා දෙනු ලැබීය.

එම එන්නත ලබා දුන් ලදු මෙම සේවිකාවට මද වේලාවකින් ශරීරයේ පලුදමා රෝගී වී ඇත. ‍

ඒ සමගම ඇය හදිසි ප්‍රතිකාර ඒකකයට ඇතුළත් කර මූලික ප්‍රතිඵල ලබා දී වැඩිදුර ප්‍රතිකාර සඳහා වාට්ටුවකට ඇතුළත් කර තිබේ