පංති කාමරයක සිටිය යුතු උපරිම සිසු ධාරිතාව නම් කෙරේ

Covid-19 Education
By Thaya Jan 30, 2021 05:56 PM GMT
Report

ජාතික පාසල්වල අතරමැදි ශ්‍රේණිවල පන්ති කාමරයක සිටිය යුතු උපරිම සිසු ධාරිතාව නොඉක්මවිය යුතු බව අධ්‍යාපන අමාත්‍යාංශය අවධාරණය කරයි.

අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා පැවසුවේ, එක් පන්ති කාමරයක සිටිය යුතු සිසුන් සංඛ්‍යාව සඳහා පනවා ඇති සීමාවන් ඉක්මවා යාමෙන් ගුණාත්මක අධ්‍යාපනයක් ලබා දීමේ ගැටලු මතුව ඇති බවයි.

ඒ අනුව පළමු ශ්‍රේණියේ එක් පන්ති කාමරයක උපරිම සිසු ධාරිතාව 40 ක් වන අතර සෙසු ශ්‍රේණිවල පන්ති කාමරයක උපරිම ධාරිතාව 45 ක් වේ.