අදත් කොවිඩ් ආසාදිතයන් ගණන ඉහළ යයි
Covid-19
By Thaya
- අද (23) දිනයේදී තවත් කොවිඩ්-19 ආසාදිතයින් 142ක් හඳුනාගත් බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි. ඒ අනුව, කොවිඩ්-19 ආසාදිත බවට හඳුනාගෙන ඇති මෙරට සමස්ත රෝගීන් සංඛ්‍යාව 90,656ක් දක්වා ඉහළ ගොස් තිබේ. සුවය ලැබූ සමස්ත කොවිඩ්-19 ආසාදිතයින් සංඛ්‍යාව 87,306කි.