අද වාර්තා වූ කොවිඩ් මරණ ගණන

Covid-19
By Thaya Apr 03, 2021 08:04 PM GMT
Report

කොවිඩ් - 19 ආසාදිතව මියගිය රෝගීන් සිව්දෙනෙකු වාර්තා වු බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා අද (03) තහවුරු කළේය. ඒ අනුව, මෙරටින් වාර්තා වන කොවිඩ් ආසාදිත සමස්ත මරණ සංඛ්‍යාව 575කි. මෙලෙස මියගොස් ඇත්තේ ඉකිරිය ප්‍රදේශයේ පදිංචිව සිටි 86 හැවිරිදි කාන්තාවක්, හෝමාගම ප්‍රදේශයේ පදිංචිව සිටි 67 හැවිරිදි පිරිමි පුද්ගලයෙක්, පුවක්පිටිය ප්‍රදේශයේ පදිංචිව සිටි 87 හැවිරිදි පිරිමි පුද්ගලයෙක් සහ කොළඹ 14 ප්‍රදේශයේ පදිංචිව සිටි 90 හැවිරිදි පිරිමි පුද්ගලයෙකි.