අද වාර්තා වූ කොවිඩ් මරණ ගණන හා එම ප්‍රදේශ

Covid-19
By Thaya Mar 28, 2021 05:39 PM GMT
Report

කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් මිය ගිය තවත් 70 හැවිරිදි පුද්ගලයකු හඳුනා ගෙන තිබේ. ඒ අනුව මෙරට සමස්ත කොරෝනා වෛරසය ආසාදනය වී මිය ගිය මරණ සංඛ්‍යාව 558 දක්වා ඉහළ ගොස් ඇත.

මියගොස් ඇත්තේ මතුගම ප්‍රදේශයේ පදිංචි පුද්ගලයකු වන අතර ඔහු කළුතර දිස්ත්‍රික් රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී කොරෝනා ආසාදිත වූ බවට හඳුනා ගැනීමෙන් පසුව හෝමාගම මූලික රෝහලට ඇතුළත් කරනු ලැබුවා.

ඉන්පසුව 25 දා මිය ගොස් ඇති අතර මරණයට හේතුවී ඇත්තේ කොවිඩ් නිව්මෝනියා තත්වයයි.