මෙරට කොවිඩ් මරණ ගණන 200 ට ආසන්න වේ

Covid
By Thaya Dec 29, 2020 08:22 PM GMT
Report

මෙරට 195වන කොවිඩ් මරණය වාර්තා වූ බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා මීට සුළු වේලාවකට පෙර නිවේදනය කළේය.

එලෙස මියගොස් ඇත්තේ 45 හැවිරිදි වැල්ලම්පිටිය ප්‍රදේශයේ පදිංවිව සිටි පිරිමි පුද්ගලයෙකි.

හෝමාගම මූලික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින අතරතුර ඊයේ (28) මියගොස් ඇත.

මරණයට හේතුව ලෙස දැක්වෙන්නේ කොවිඩ් නියුමෝනියාව සහ සංකූල වූ වගුගඩු ආසාදනයක් බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා වැඩිදුරටත් පැවසීය.