මෙරට දෛනික සිදුවන මාර්ග අනතුරු නිසා මියයන පුද්ගලයින් සංඛ්‍යාව 13ක් දක්වා ඉහළට

Sri Lanka
By Thaya Mar 22, 2021 05:06 PM GMT
Thaya

Thaya

Report

මාර්ග ආරක්ෂාව සම්බන්ධයෙන් ජනතාවට තිබූ උනන්දුව අඩුවෙමින් පවතින බව වාර්තා වනවා. ඒ අනුව මීට පෙර 07ක් ලෙස පැවති දෛනිකව රිය අනතුරුවලින් සිදුවන පුද්ගල මරණ සංඛ්‍යාව මේ වන විට 13 දක්වා ඉහල ගොස් ඇති බවයි වුණේ. 2015 වසරේ රිය අනතුරුවලින් දෛනික මරණ 08ත් 09ත් අතර සංඛ්‍යාවක් සිදුව තිබුණා. එම වසරේ සිදු වූ මාරක රිය අනතුරු සංඛ්‍යාව 28,000ක්. කෙසේවෙතත් 1998 වසරේ ස්ථාපිත කරන ලද මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාව සක්‍රීයව සිය මෙහෙයුම් ආරම්භ කළේ මෙම කරුණු සැලකිල්ලට ගනිමින්.මෙහිදී සිදු කළ සමීක්ෂණයකදී හෙලි වුණේ වැඩිම රිය අනතුරු සංඛ්‍යාව සිදුව ඇත්තේ යතුරු පැදිවලින් බවයි. එලෙස යතුරු පැදි අනතුරු හේතුවෙන් මිය ගිය බොහෝ දෙනෙකුගේ මරණවලට ප්‍රධාන හේතුව ලෙස අනාවරණ කර ගැණුනේ හිසට සිදු වූ බරපතල තුවාලයි. ඒ අනුවයි මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාව ආරක්ෂක හිස් වැසුම්වල එස් එල් එස් ප්‍රමිතිය අනිවාර්ය කරනු ලැබුවේ. තවද ත්‍රී රෝද රථවලින් සිදුවන අනතුරු සංඛ්‍යාවද ඉහල යාම හේතුවෙන් ත්‍රිරෝද රථ සඳහා නව නීති මාලවක් හදුන්වා දීමට මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාව පියවර ගත්තා.

කෙසේවෙතත් වැඩිදුරටත් අනාවරණය වී තිබුණේ බීමත්ව රිය පැදවිම සහ රියදුරන්ගේ නොසැලිකිලිමත් භාවය හේතුවෙන් ද රිය අනතුරු ඉහල යන බවයි. ඒ අනුවයි මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාව රථ වාහන වැරදි සඳහා පනවන දඩ මුදල් ප්‍රමාණය ඉහල දැමීමට ද යෝජනා කළේ. ඒ අනුව රථ වාහන 07ක් සඳහා වන දඩ මුදල රුපියල් 25,000ක් දක්වා ද, අවම දඩ මුදල රුපියල් 1,000ක් දක්වා ද වැඩි කෙරුණා.කෙසේවෙතත් මෙම තීරණයෙන් පසු දෛනිකව සිදුවූ රිය අනතුරු සංඛ්‍යාවේ අඩුවීමක් දක්නට ලැබුනු බවයි මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාව පැවසුවේ. මෙහිදී විශේෂ සිදුවීමක් වුයේ බීමත් රියදුරන් හේතුවෙන් සිදුවන රිය අනතුරු සංඛ්‍යාව සියයට 50කින් අඩු විමයි.කෙසේවෙතත් මේ වන විට රිය අනතුරු හේතුවෙන් දෛනිකව සිදුවන මරණ සංඛ්‍යාව 13 දක්වා ඉහලගොස් තිබෙනවා. බීමත් රියදුරන් හේතුවෙන් සිදුවන අනතුරුද සියයට 80ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි හෙලි වුණේ.මේ අතර මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාව ද මේවනවිට අක්‍රිය තත්ත්වයේ පවතින බව දක්නට ලැබේ.

ReeCha