කොවිඩ් ආසාදිත ළමුන් ගණන ඉහළට...එන්නත් නැතිවීමත් ප්‍රශ්නයක්.
Covid-19
By Thaya
ඉන්දියාවේ ප්‍රාන්ත 05ක කොවිඩ් ආසාදිත ළමුන් සංඛ්‍යාව ඉහළ ගොස් ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි. පසුගිය මාර්තු මාසයේ සිට මේ දක්වා එම ප්‍රාන්ත 05න් වාර්තා වී ඇති කොවිඩ් ආසාදිත ළමුන් සංඛ්‍යාව 79,688කි. එම පිරිස අතරින් ළමුන් 60,684 දෙනෙකු ම මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයෙන් වාර්තා වන අතර ඉන් ළමුන් 9,882 දෙනෙකු වයස අවුරුදු 05ට අඩු දරුවන්ය. ළමුන් සඳහා ලොව කිසිම රටක කොවිඩ් එන්නතක් නිපදවා නොමැති හෙයින් කොවිඩ් ආසාදිත ළමුන් ගණන ඉහළ යා හැකි බව සෞඛ්‍ය බලධාරීන් සඳහන් කරන බව එරට මාධ්‍ය වාර්තා කරයි.