ඊළඟ T 20 තරඟ දෙක ගැන ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් විශේෂ දැනුම්දීමක්.

Report

ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්තානය අතර පැවැත්වෙන විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ ඉදිරි තරග දෙකෙහිම ප්‍රවේශපත්‍ර සියල්ල අලෙවි වී අවසන් බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සඳහන් කරනවා.

ඒ, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ, තවදුරටත් ප්‍රවේශපත්‍ර අලෙවි කුටි වෙත පැමිණීමෙන් වළකින ලෙසයි.

එමෙන්ම ප්‍රවේශපත්‍ර අවසන් වීම හේතුවෙන් දඹුල්ල සහ කොළඹ පිහිටුවා තිබූ ප්‍රවේශපත්‍ර අලෙවි කුටි වසා දැමීමට තීරණය කර ඇත.

ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්තානය අතර පැවති පළමු විස්සයි විස්ස ක්‍රිකට් තරගය නැරඹීම සඳහා 18,000ක ප්‍රේක්ෂකයින් පිරිසක් පැමිණි බවද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සඳහන් කරනවා.

දෙවන විස්සයි විස්ස ක්‍රිකට් තරගය හෙට (19) සහ තුන්වන විස්සයි විස්ස තරගය එළඹෙන 21 වනදා දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතයි.